නව වසර, නව ආරම්භය. සුහ අලුත් අවුරුද්දක් වේවා!

මේ නිවාඩු කාලය ඒ වගේම ලබන අලුත් අවුරුද්ද අපේ චෙෆ් ගේ සුවිශේෂී දේදුනු ඉඳි ආප්ප වලින් වර්ණවත් කරගන්න. ඔබ කැමති එළවලු වල සහ කුළුබඩු වල ස්වභාවික වර්ණ යොදාගනිමින් සකස් කරගත හැකි මේ දේදුනු ඉඳි ආප්ප මේ නිවාඩුවේ ඔබේ නිවාස රසවත් කරනවා නිසැකයි. ඉඳි ආප්ප වල රසවත් බව ඔබම අත්විඳින්න.

දේදුන්නක් තරම් සතුට ගෙන දෙන දෙයක් නැති තරම්. ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික ආහාරයක් වන ඉඳි ආප්ප වලට අලුත් වර්ණයක් අලුත් රසයක් සමගින් නවතාවයක් ලබා දෙන්නේ මේ දේදුනු ඉඳි ආප්ප මගින්. කැරට්, බීට් රූට්, බ්ලුබේරී ආදී ස්වභාවික එළවලු භාවිතා කරමින් මේ වර්ණවත් බව ලබා ගන්න පුළුවන්. අපිට පුළුවන් අපේ පොඩිත්තන්ට ආස හිතෙන විදිහට එළවලු කන්න දෙන්න.

100%ක් ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් සකස් කරගත් වර්ණ යොදා සැදූ දේදුනු ඉඳිආප්ප
100% all natural ingredients using fruits, spices and vegetables

 

Wishing you and your loved ones a colourful New Year filled with joy and good food.

Light up this Holiday Season and New Year with our chef’s very special Rainbow Idiyappa. Made using natural colours of our (and your) favourite veggies and spices, this dish will add colour and a dash of contemporary creativity to your holiday dining at home. Have we mentioned that the idiyappa is delicious?

Nothing symbolizes simple joy quite like a rainbow over our heads. Idiyappa, the simplest of traditional Sri Lankan cooking, is given a new twist, inspired by the multicoloured miracle that is the rainbow. Coloured using carrots, beetroots, blueberries among others, we can’t think of a better way to get kids to eat their veggies.