කෑම Kaema TV ~ අතුරුපස වට්ටෝරු Dessert Recipes https://www.kaema.lk/recipe-category/desserts/ උයන්න Cook. බෙදන්න් Serve. ෂෙයා කරන්න Share Tue, 02 Apr 2019 08:56:03 +0000 en-GB hourly 1 https://wordpress.org/?v=6.5 https://i0.wp.com/www.kaema.lk/wp-content/uploads/2017/08/cropped-KaemaTV_icon.png?fit=32%2C32&ssl=1 කෑම Kaema TV ~ අතුරුපස වට්ටෝරු Dessert Recipes https://www.kaema.lk/recipe-category/desserts/ 32 32 132976846 ආස්මි සැන්ඩ්විච් Asmi Sandwich (චොක්ලට් මාසිපන් මැදි කරගත් with Chocolate Marzipan filling) https://www.kaema.lk/recipe/asmi-sandwich-with-chocolate-marzipan/ https://www.kaema.lk/recipe/asmi-sandwich-with-chocolate-marzipan/#respond Tue, 22 May 2018 02:14:52 +0000 https://www.kaema.lk/?post_type=ts-recipe&p=1532 මේ ජාත්‍යන්තර ලෙස සකස් කරගත් නවතම ශ්‍රී ලංකීය ආහාරය සමඟ අවුරුදු අසිරියට සමුදෙන්න. චොක්ලට් මාසිපන් මැදි කරගත් මේ ආස්මි සැන්ඩ්විච්, ඔබේ පවුල සහ ඔබේ අමුත්තන් කුල්මත් කරනවා නිසැකයි.
Push away those post Avurudu blues with this international remix of a Sri Lankan favourite. The Asmi sandwich, with a chocolate marzipan centre, will have your family and guests completely enthralled.

The post ආස්මි සැන්ඩ්විච් Asmi Sandwich (චොක්ලට් මාසිපන් මැදි කරගත් with Chocolate Marzipan filling) appeared first on කෑම Kaema TV.

]]>

[start_directions]

  1. පෑන් එක රත් කරගන්න.
    Heat a pan.
  2. ඊට කජු ඇට දමා මිනිත්තු කිහිපයක් බැදගන්න.
    Add cashew nuts and fry for a few minutes.
  3. ඊට පොතු ඉවත් කරන ලද ආමන්ඩ් එකතු කොට මිශ්‍ර කරගන්න.
    Mix in the peeled Almonds.
  4. සියල්ලේ පිටතින් දුඹුරු පැහැ වන තුරු බැදගන්න.
    Fry together until they turn brown on the outside.
  5. බැදගත් කජු සහ ආමන්ඩ් බ්ලෙන්ඩර් එකට දමන්න.
    Place the fried Cashew and Almonds into a blender.
  6. හොඳින් කුඩු වනතුරු බ්ලෙන්ඩ් කරගන්න.
    Blend till it turns into fine crumbs.
  7. එම බ්ලෙන්ඩ් කරගත් ආමන්ඩ් සහ කජු මිශ්‍රණය විශාල භාජනයකට දමන්න.
    Add the Almond Cashew crumbs into a large bowl.
  8. ඊට කුඩු කරන ලද සීනි, කොකෝවා පව්ඩර්, වැනිලා රස කාරකය සහ පැණි එකතු කරන්න.
    Add powdered Sugar, Cocoa powder, Vanilla Extract and Honey.
  9. උකු සහ මෘදු මිශ්‍රණයක් සකස් වනතුරු සියල්ල හොඳින් මිශ්‍ර කරගන්න.
    Mix all together until it becomes a thick, soft and firm mixture.

  10. මිශ්රණය තරමක් අපහසු වුවහොත් එය කිරි මෘදු කිරීම සඳහා මිශ්ර කරන්න.
    If the mixture becomes too hard add milk and mix to make it soft.

     

  11. ඉවීම් කටයුතු සඳහා යොදාගන්නා ලෑල්ලක් මත ලන්ච් ෂීට් එකක් එලා තබන්න.
    Place a lunch sheet on a kitchen board.
  12. මිශ්‍රණය එලා ගත ලන්ච් ෂීට් එක මතට දමන්න.
    Roll the mixture into a ball and place it on the lunch sheet.
  13. රෝලින් පින් එකක් භාවිතා කරමින් එම මිශ්‍රණය පැතලි වනතුරු රෝල් කරන්න.
    Roll the mixture flat using a rolling pin.
  14. එම පැතලි වන ලෙස රෝල් කරන ලද මිශ්‍රණය ගෙන ආස්මි කොටස් දෙක අතරින් තබන්න.
    Take the flattened mixture and place it in between two Asmi pieces.
  15. මිශ්‍රණයේ වැඩි කොටස් කපා ඉවත් කරගෙන, ආස්මි භාග කොටස් දෙකකට කපා ගන්න.
    Trim away the excess mixture, and cut the Asmi in half.
  16. කොකෝවා පව්ඩර් යොදාගෙන ඔබට අවශ්‍ය පරිදි සරසාගන්න.
    Using Cocoa powder, garnish and decorate to your liking.

[end_directions]

බෙදාගන්න. සතුටින් භුක්ති විඳින්න.
Serve and enjoy.

The post ආස්මි සැන්ඩ්විච් Asmi Sandwich (චොක්ලට් මාසිපන් මැදි කරගත් with Chocolate Marzipan filling) appeared first on කෑම Kaema TV.

]]>
https://www.kaema.lk/recipe/asmi-sandwich-with-chocolate-marzipan/feed/ 0 1532
හුමාලයෙන් තම්බන ලද බිස්කට් කේක් Steamed Biscuit Cake https://www.kaema.lk/recipe/steamed-biscuit-cake/ https://www.kaema.lk/recipe/steamed-biscuit-cake/#respond Fri, 04 May 2018 16:46:40 +0000 https://www.kaema.lk/?post_type=ts-recipe&p=1511 ඔබව අමන්දානන්දයට පත් කල හැකි තරමක් වෙනස් අතුරුපසක් හඳුන්වා දෙනවට කැමතිද? අපේ චෙෆ් නදී මේ තරමක් වෙනස් අතුරුපස ඒ සඳහා යෝජනා කළා. සකස් කරගැනීමට ඉතාම පහසුයි. ඒ වගේම කන හැම කටක් ගනේම අමතක නොවන රසයක් ඔබට රැගෙන ඒවි.
Want a slightly different dessert to impress your friends? Chef Nadee suggests this unconventional biscuit cake. Easy to make, unforgettable with every bite.

The post හුමාලයෙන් තම්බන ලද බිස්කට් කේක් Steamed Biscuit Cake appeared first on කෑම Kaema TV.

]]>

[start_directions]

  1. කුඩු (පව්ඩර්) බවට පත් වන තුරු බිස්කට් අම්බරාගන්න (ග්‍රයින්ඩ් කරගන්න).
    Grind biscuits down to a powder.
  2. කුඩු කරගත් බිස්කට්, බේකින් පව්ඩර්, ලුණු සහ කොකෝවා පව්ඩර් භාජනයකට දමන්න.
    Add the grounded Biscuits, Baking powder, Salt and Cocoa powder to a bowl.
  3. බිස්කට් මිශ්‍රණය සකස් කරගැනීමට මේ සියල්ල හොඳින් මිශ්‍ර කරගන්න.
    Mix well to form a biscuit mixture.
  4. පසුව භාවිතා කිරීම සඳහා පසෙකින් තබන්න.
    Keep aside for use later.
  5. බටර් සහ අයිසින් සීනි තරමක් විශාල භාජනයකට දමන්න.
    Add Butter and Icing Sugar to a large bowl.
  6. හොඳින් හැඳි ගාමින් උකු සහ මෘදු මිශ්‍රණයක් බවට පත් වන තුරු මිශ්‍ර කරගන්න.
    Stir and mix well to form a smooth and thick batter.
  7. ඊට බිත්තර එකතු කොට හොඳින් හැඳි ගාන්න. මිශ්‍රණය සකස් කිරීම දිගටම කරගෙන යන්න.
    Add Eggs and stir, one at a time, and continue making the batter.
  8. ඊට බිස්කට් මිශ්‍රණය එකතු කරන්න. මෘදු චෝකටල් පේස්ට් එකක් සකස් කර ගැනීම සඳහා හොඳින් හැඳි ගාමින් මිශ්‍ර කරන්න.
    Add the Biscuit mixture, stir and mix well to form a smooth chocolate paste.
  9. චොකලට් පේස්ට් එක යකඩ භාජනයකට වක් කරන්න.
    Pour the chocolate paste into a metal container.
  10. ඒ අතරතුර, ස්ටීමර් (ගැඹුරු භාජනයක) ජලය රත් කරගන්න.
    Meanwhile, boil water in a steamer (deep pot).
  11. චොකලට් පේස්ට් එක අඩංගු යකඩ භාජනය ස්ටීමර් (ගැඹුරු භාජනයක) එකේ තබන්න.
    Place the metal container with the chocolate paste into the steamer.
  12. මිනිත්තු 30ක් පමණ හුමාලයෙන් තම්බා ගන්න.
    Steam for about 30 minutes.
  13. ඉවතට ගෙන පිළිගන්වන දීසියේ තබන්න.
    Take out and transfer to a serving dish.
  14. ඒ මත චොකලට් සිරප් සහ කැන්ඩි ෆෘට් තබා අලංකාර කරගන්න.
    Add some Chocolate syrup and Candy Fruit as a sweet topping.
  15. උණුවෙන් පිළිගන්වන්න.
    Serve hot.

[end_directions]

සතුටින් භුක්ති විඳින්න.
Enjoy.

The post හුමාලයෙන් තම්බන ලද බිස්කට් කේක් Steamed Biscuit Cake appeared first on කෑම Kaema TV.

]]>
https://www.kaema.lk/recipe/steamed-biscuit-cake/feed/ 0 1511
අඹ ජෙලි Mango Jelly (දියවැඩියාව සඳහා for Diabetics) https://www.kaema.lk/recipe/mango-jelly-for-diabetics/ https://www.kaema.lk/recipe/mango-jelly-for-diabetics/#respond Fri, 13 Apr 2018 17:10:53 +0000 https://www.kaema.lk/?post_type=ts-recipe&p=1414 මේ බොහොම රසවත් අඹ ජෙලි වට්ටෝරුව දියවැඩියාවෙන් පෙලෙන ආදරණිය ඔබටයි. මේ විශේෂ වට්ටෝරුව සකස් කරන්නේ ඩයබිටසෝල් ස්විට්නර් යොදාගෙන.
Here's a delicious Mango Jelly recipe for the loved one suffering from diabetes. This special recipe is made using Diabetasol Sweetener.

The post අඹ ජෙලි Mango Jelly (දියවැඩියාව සඳහා for Diabetics) appeared first on කෑම Kaema TV.

]]>
ඩයබිටසෝල් Diabetasol sweetener
 


[start_directions]

  1. ජෙලටින් සහ උණු ජලය එකට මිශ්‍ර කොට පසුව භාවිත කිරීම සඳහා පසෙකින් තබන්න.
    Pre-mix Gelatin with hot Water and keep aside for use later.
  2. භාජනයකට ජලය දමා රත් කරගන්න.
    Boil water in a pot.
  3. ඊට ඩයබිටසෝල් ස්විට්නර් කුඩා සැෂේ පැකට් හතරක් (හෝ ග්‍රෑම් 4ක්) එකතු කොට මිශ්‍ර කරන්න.
    Add 3 sachets (or 3 grams) of Diabetasol Sweetener and stir.
  4. ජෙලටින් මිශ්‍රණය එම භාජනයට දමා සියල්ල හොඳින් මිශ්‍ර කරන්න.
    Add the Gelatin mix into the pot and stir to mix well.
  5. අඹ සාරය (ෆ්ලවොරින්ග්) ඊට එකතු කරන්න.
    Add Mango essence/flavouring.
  6. හොඳින් මිශ්‍ර කරන්න සහ මිනිත්තු 5-10ක් හොඳින් මිශ්‍ර වනතුරු තම්බා ගන්න.
    Stir and boil for 5-10 minutes till well mixed.
  7. ඒ අතරතුර , අඹ කුඩා කැබලි වලට කපා ගෙන ඒවා මධ්‍යම ප්‍රමාණයේ භාජනයකට දමන්න.
    Meanwhile, cut Mango pieces and place into a medium-sized bowl.
  8. ජෙලි මිශ්‍රණය උඳුනෙන් ඉවත් කරගෙන අඹ සහිත භාජනයට දමාගන්න.
    Remove the jelly mixture from heat and transfer to the bowl.
  9. මිනිත්ති කිහිපයක් හොඳින් මිශ්‍ර කරගෙන, අඹ කැබලි වලට ජෙලි මිශ්‍රණයේ උෂ්ණත්වයෙන් පිසීමට ඉඩ දෙන්න.
    Stir for a few minutes and allow the Mango pieces to cook from the heat of the jelly mixture.
  10. ජෙලි මිශ්‍රණය සහිත භාජනය ශීතකරණයේ පැය 12ක් පමණ තබන්න.
    Refrigerate for about 12 hours to allow the jelly mixture to settle.
  11. ඉවතට ගෙන අවශ්‍ය පරිදි අලංකාර කොට පිළිගන්වන්න.
    Take out, garnish and serve cold.

[end_directions]


පිළිගන්වන්න හෝ පසුව ගැනීම සඳහා ශීතකරණයේ දමා තබන්න.
Refrigerate unless you use it immediately.

සතුටින් භුක්ති විඳින්න.
Enjoy.

 

තව දියවැඩියාවෙන් කෑම සඳහා More Diabetic-friendly Recipes

Mango Jelly (with Diabetasol Sweetener) අඹ ජෙලි (ඩයබිටසෝල් ස්විට්නර් සමඟ)

අඹ ජෙලි Mango Jelly (දියවැඩියාව සඳහා for Diabetics)

The post අඹ ජෙලි Mango Jelly (දියවැඩියාව සඳහා for Diabetics) appeared first on කෑම Kaema TV.

]]>
https://www.kaema.lk/recipe/mango-jelly-for-diabetics/feed/ 0 1414
කෙසෙල් කැවුම් Banana Kavum https://www.kaema.lk/recipe/banana-kavum/ https://www.kaema.lk/recipe/banana-kavum/#respond Thu, 12 Apr 2018 14:29:10 +0000 https://www.kaema.lk/?post_type=ts-recipe&p=1401 කැවුම්, එකක් කෑ විට තව කිහිපයක් කන්න හිතෙන වර්ගයේ කෑම වලින් එකකි. එය ඉතාමන්තම රසවත් ඒ වගේම එය දුටු විටම බඩගින්න ඇවිස්සෙන ආකාරයේ කෑමක්. අපගේ චෙෆ් නදී මේ සම්ප්‍රදායික ආහාරය නවමු ආකාරයකට මේ ලෙස ඉදිරිපත් කරනවා.
The Kavum is one of those foods that, once you have one, you must have a few more. It is sweet in exactly the right dose and has a texture that has made poets out of the hungry. Our Chef Nadee takes this old favourite to new levels with her own take.

The post කෙසෙල් කැවුම් Banana Kavum appeared first on කෑම Kaema TV.

]]>

[start_directions]

    පොල් පැණි මිශ්‍රණය සකස් කරගැනීම
    Making the Treacle Syrup
  1. පෑන් එකට පොල් පැණි දමා රත් කරගන්න.
    Add Coconut Treacle to a pan and heat.
  2. සීනි සහ කුඩු කරගත් කරදමුංගු පෑන් එකට එකතු කරගන්න. හැඳි ගා හොඳින් මිශ්‍ර කරගන්න.
    Add Sugar and crushed Cardamom pods to the pan. Stir and mix well.
  3. ගින්දර නවත්වා මිශ්‍රණය පිළිගන්වන දීසියකට දමාගන්න.
    Turn off heat. Remove and transfer to a serving dish.
  4. කැවුම් සකස් කරගැනීම
    Making the Kavum
  5. පිටි, ලුණු, කහ කුඩු, තල ඇට, කෙසෙල් රසය ඇති ද්‍රවණය සහ පොල් කිරි භාජනයකට දමන්න.
    Add Flour, Salt, Turmeric powder, Sesame seeds, Banana flavouring, and Coconut Milk into a bowl.
  6. එම අමුද්‍රව්‍ය හොඳින් මිශ්‍ර කොට මිශ්‍රනයක සකස් කරගන්න.
    Mix the ingredients in the bowl to make a smooth batter.
  7. පසුව භාවිතයට ගැනීමට පසෙකින් තබන්න.
    Keep aside for use later.
  8. ලෙලි ඉවත් කොට කෙසෙල් වෙනත් භාජනයකට දමන්න.
    Peel and place Bananas in a new bowl.
  9. කෙසෙල් පොඩි කරගන්න.
    Start mashing the Bananas.
  10. පෙර සකස් කරගත් මිශ්‍රණය පොඩි කරගත් කෙසෙල් වලට වක් කොට කැවුම් සකස් කිරීම සඳහා හොඳින් මිශ්‍ර කරගන්න.
    Pour the batter over the mashed bananas and mix to make the Kavum batter.
  11. පෑන් එකේ තෙල් රත් කරගන්න.
    Heat Oil in a pan.
  12. කුඩා කෝප්පයක් යොදාගෙන කැවුම් සඳහා සකස් කරගත් මිශ්‍රණයෙන් කොටසක් පෑන් එකට දමන්න.
    Using a small cup, drop some of the Kavum batter into the pan.
  13. රත්රන් දුඹුරු පැහැය වෙන තුරු බැදගන්න.
    Fry till golden brown.
  14. ඉවතට ගෙන ඔබට අවශ්‍ය ප්‍රමාණය සකස් කරගන්නා තුරු එම පියවර නැවත නැවත කරන්න.
    Take out and repeat till desired number of pieces.
  15. පිළිගන්වන දීසියේ සකස් කරගත් පැණි සිරප් එක සමඟ කැවුම් තබන්න.
    Place the Kavum in the serving dish with the Treacle syrup.
  16. කැවුම් කැබලි පැණි සිරප් එකේ බහා මිනිත්තු 10ක් පමණ මැරිනෙට් කරන්න. උණුවෙන් පිළිගන්වන්න.
    Bathe the Kavum pieces with the Treacle syrup and let it marinate for about 10 minutes. Serve hot.

[end_directions]

පිළිගන්වා, පවුල සහ මිතුරන් සමඟ සතුටින් අවුරුදු සමරන්න.
Serve and enjoy with family and friends this Avurudu.

 

අදාළ අවුරුදු කෑම Related Avurudu Recipes

Featuredපලතුරු කිරිබත් Fruit Kiribath

පලතුරු කිරිබත් Fruit Kiribath

FeaturedPol Pani Kiribath Sandwich පොල් පැණි කිරිබත් සැන්විච්

පොල් පැණි කිරිබත් සැන්විච් Pol Pani Kiribath Sandwich

Banana Kavum කෙසෙල් කැවුම්

කෙසෙල් කැවුම් Banana Kavum

The post කෙසෙල් කැවුම් Banana Kavum appeared first on කෑම Kaema TV.

]]>
https://www.kaema.lk/recipe/banana-kavum/feed/ 0 1401
කොකිස් Kokis (කුරුඳු සහ අයිසින් සමඟ with Cinnamon & Icing) https://www.kaema.lk/recipe/kokis-with-cinnamon-icing/ https://www.kaema.lk/recipe/kokis-with-cinnamon-icing/#respond Tue, 10 Apr 2018 14:58:08 +0000 https://www.kaema.lk/?post_type=ts-recipe&p=1393 හොඳම අවුරුදු තෑග්ගක් -කොකිස්- සමඟ අවුරුදු සමරන්න. අපේ චෙෆ් ගේ කටට කෙළ උනන ඉතාම රසවත් කුරුඳු සහ අයිසින් සමඟ කොකිස් වට්ටෝරුව මෙවර ඔබේ අප්‍රේල් මාසය තව තවත් සුවිශේෂී කරවී. ඔබේ අමුත්තන්ට දුක් වෙන්නට ඉඩ නොදී ඔබට අවාසි තරම් ප්‍රමාණයක් සකස් කරගන්න.
Enjoy Avurudu with the ultimate Avurudu treat - the kokis. Our chef’s mouthwatering twist on the classic Kokis recipe with Cinnamon and Icing will make your Avurudu even more special this April. Make sure you make plenty to avoid disappointing your guests.

The post කොකිස් Kokis (කුරුඳු සහ අයිසින් සමඟ with Cinnamon & Icing) appeared first on කෑම Kaema TV.

]]>

[start_directions]

    කොකිස් සකස් කරගැනීම
    Making the Kokis
  1. හාල් පිටි, අයිසින් සීනි ග්‍රෑම් 50ක්, බිත්තර, ලුණු සහ කුරුඳු කුඩු ග්‍රෑම් 25ක් මධ්‍යම ප්‍රමාණයේ භාජනයකට දමන්න.
    Add Rice Flour, 50g Icing Sugar, Egg, Salt and 25g Cinnamon powder into a medium-sized bowl.
  2. ඊට උකු පොල් කිරි යොදා කොකිස් මිශ්‍රණය සකස් කරගැනීම සඳහා හොඳින් මිශ්‍ර කරන්න.
    Add thick Coconut Milk and mix well to make the Kokis batter.
  3. කුඩා පෑන් එකකට තෙල් දමා රත් කරගන්න.
    Heat Oil in a small frying pan.
  4. කොකිස් අච්චුව ගෙන එය උණු කරගත් තෙල් වල බහාලන්න.
    Place the Kokis mould and court it in hot Oil.
  5. පසුව කොකිස් අච්චුව කොකිස් මිශ්‍රණයේ ගිල්වන්න.
    Then dip the Kokis mould into the batter.

  6. කොකිස් අච්චුව මුළුමනින්ම මිශ්‍රණයේ ගිල්වීමෙන් වලකින්න. එහි උදා කොටස මිශ්‍රණයේ නොගෑවෙන සේ තබාගන්න. එවිට කොකිස් මිශ්‍රණය අච්චුවේ ඇලීමෙන් වලකාගත හැක.
    Make sure to not fully immerse the Kokis mould into the batter, making sure the top of the Kokis mould is batter free. This is to prevent the batter sticking to the Kokis mould

     

  7. නැවත කොකිස් අච්චුව තෙල් වල ගිල්වන්න. මිශ්‍රණය කොකිස් අච්චුවෙන් ගැලවී යා යුතුය.
    Dip the kokis mould back into the hot oil. The batter should eventually slide off the Kokis mould.
  8. රත්රන් පැහැ ගැන්වෙන තුරු බැදගන්න.
    Fry till golden brown.
  9. එය පෑන් එකෙන් ඉවත් කරගෙන ඔබට අවශ්‍ය ප්‍රමාණය සදා ගන්නා තුරු මෙම පියවර නැවත නැවත අනුගමනය කරන්න.
    Remove and repeat till desired number of pieces.
  10. සිනමන් අයිසින්ග් ඩිප් එක සකස් කරගැනීම
    Making the Cinnamon Icing Dip
  11. බටර්, අයිසින් සීනි ග්‍රෑම් 50 සහ කුරුඳු කුඩු ග්‍රෑම් 25ක් භාජනයට දමන්න.
    Add Butter, 50g Icing Sugar and 25g Cinnamon powder into a bowl.
  12. මිශ්‍රණය මොලොක් සහ උකු වන තුරු මිශ්‍ර කරන්න.
    Mix until it turns smooth and thick.
  13. සරසා ගැනීම සහ අලංකාර කිරීම
    Decorate and garnish
  14. සරසා ගැනීමට හා අලංකාර කිරීමට පයිපින්ග් බෑග් එකකට සිනමන් අයිසින්ග් ඩිප් එක පුරවගන්න.
    Fill a piping bag with the Cinnamon Icing Dip to decorate and garnish.
  15. එය කොකිස් වලට යොදමින් ඔබට අවශ්‍ය පරිදි අලංකාර කරගන්න.
    Add the kokis and decorate to your liking.
  16. අයිසින් සීනි කොකිස් මතට ඉසින්න.
    Sprinkle Icing Sugar on top.

[end_directions]

පිළිගන්වා, පවුල සහ මිතුරන් සමඟ සතුටින් අවුරුදු සමරන්න.
Serve and enjoy with family and friends this Avurudu.

අදාළ අවුරුදු කෑම Related Avurudu Recipes

Featuredපලතුරු කිරිබත් Fruit Kiribath

පලතුරු කිරිබත් Fruit Kiribath

FeaturedPol Pani Kiribath Sandwich පොල් පැණි කිරිබත් සැන්විච්

පොල් පැණි කිරිබත් සැන්විච් Pol Pani Kiribath Sandwich

Banana Kavum කෙසෙල් කැවුම්

කෙසෙල් කැවුම් Banana Kavum

The post කොකිස් Kokis (කුරුඳු සහ අයිසින් සමඟ with Cinnamon & Icing) appeared first on කෑම Kaema TV.

]]>
https://www.kaema.lk/recipe/kokis-with-cinnamon-icing/feed/ 0 1393
බේක් නොකරන ලද චීස් කේක් No-Bake Cheesecake https://www.kaema.lk/recipe/no-bake-cheesecake-with-strawberries/ https://www.kaema.lk/recipe/no-bake-cheesecake-with-strawberries/#respond Sat, 03 Mar 2018 21:13:32 +0000 https://www.kaema.lk/?post_type=ts-recipe&p=1200 බෙක් නොකල චීස් කේක් ඔබගේ ගෙදරට එනඅයට සන්ග්‍රහ කීරීමට බෙක් නොකල චීස් කේක්, පොෂ් දෙවල් ඔනේ නැති, ලේසියෙන් හදාගන්න පුඵවන් ස්ටෝබෙරි හා කීම් චීස් එකතු වූ ඉතා රසවත් මේ අතුරැපස, ෂීතකරනයේ තබා හෝ හදපු ගමන් කෑමට ගන්න.
This no-bake cheesecake is an easy-to-make recipe to delight your guests. And no fancy ingredients involved. Topped up with strawberries and cream cheese that’ll melt in your mouth. Make sure to refrigerate it if not consumed immediately.

The post බේක් නොකරන ලද චීස් කේක් No-Bake Cheesecake appeared first on කෑම Kaema TV.

]]>

[start_directions]

    චීස් කේක් සකස් කරගැනීම
    Making the cheesecake base
  1. ජෙලටින් සහ උණු ජලය එකට කොට පසෙකින් තබන්න.
    Combine Gelatine and hot Water and leave aside for use later.
  2. බිස්කට් තරමක් විශාල භාජනයකට එක් කොට කුඩා කැබලි වලට කඩාගන්න.
    Put Biscuits into a large bowl and crush into crumbs.
  3. ඊට සීනි එකතු කොට හොඳින් මිශ්‍ර කරගන්න.
    Add Sugar to the Biscuit crumbs and mix.
  4. ඊට උණු වූ බටර් මිශ්‍ර කර හොඳින් මිශ්‍ර කරගන්න.
    Add melted Butter and mix well.
  5. පසුව ගැනීමට පසෙකින් තබන්න.
    Store for use later.
  6. තරමක් විශාල භාජනයක් ගෙන සකස් කරගත් ක්‍රීම් චීස් ඊට යොදන්න.
    Take a large bowl and beat Cream Cheese.
  7. සීනි සහ ජෙලටින් මිශ්‍රණය එකතු කොට ගසාගන්න (මිශ්‍ර කරගන්න).
    Add Sugar and the Gelatine mixture into the bowl and beat more.
  8. ඊට නැවුම් ක්‍රීම් එකතු කොට හොඳින් ගසාගන්න (මිශ්‍රණය).
    Add Fresh Cream and beat thoroughly.
  9. අවශ්‍ය නම් තවත් ජෙලටින් මිශ්‍රණය යොදන්න.
    Add extra Gelatine mixture if necessary.
  10. රවුම් බේකින් ට්‍රේ එකක් ගන්න.
    Take a circular baking tray.
  11. එහි යට කොටසට කැබලි කරගන්නා ලද බිස්කට් මිශ්‍රණයේ ලේයර් එකක් යොදන්න.
    Layer the base with the Biscuit crumb mix.
  12. ඒ මතට ක්‍රීම් චීස් මිශ්‍රණය යොදා එය හොඳින් පැතිර යන සේ තවරා ගන්න.
    Spread the cream cheese mix to the top of the Biscuit crumb base.
  13. ශීතකරණයේ පය හතරක් පමණ තබන්න.
    Refrigerate the Cheesecake for 4 hours.
  14.  

    ස්ටෝබෙරි පුරවනය සකස් කරගැනීම
    Making the strawberry topping
  15. ඒ අතරතුර… පෑන් එකක් ගෙන ඊට ජලය සහ සීනි යොදා හොඳින් මිශ්‍ර කරගන්න.
    Meanwhile, take a pan and add Sugar and Water and mix.
  16. කපාගන්නා ලද ස්ටෝබෙරි යොදා මිශ්‍ර කරගන්න.
    Add cut Strawberries and mix.
  17. ජුස් එක රතු පැහැයට හැරෙන තුරු රත් කරගන්න.
    Boil the mix until the juice turns red.
  18. රත් කිරීම නවත්වා පසුව ගැනීමට පසෙකින් තබන්න.
    Turn off heat and store for use later.
  19.  

    දෙකම එකතු කරගන්න (පැය හතරකට පමණ පසුව)
    Putting the two together (about 4 hours later)
  20. ශීතකර චීස් කේක් විශාල පිළිගැන්වීමේ භාජනයක් මත තබන්න.
    Take the refrigerated Cheesecake out of the baking tray and place on large serving plate.
  21. සරසා ගැනීමට කේක් එක මතට අයිසින්ග් දමන්න.
    Add Icing to the cake for decoration.
  22. රත් කරගන්නා ලද ස්ටෝබෙරි සහ ජුස් මිශ්‍රණය කේක් එක මතට දමන්න.
    Add the boiled Strawberries and juice mix to the top of the cake.
  23. නිර්මාණශීලි ලෙස සරසාගෙන පිළිගන්වන්න.
    Decorate creatively and serve.

[end_directions]


පිළිගන්වන්න හෝ පසුව ගැනීම සඳහා ශීතකරණයේ දමා තබන්න.
Refrigerate unless you use it immediately.

සතුටින් භුක්ති විඳින්න.
Enjoy.

The post බේක් නොකරන ලද චීස් කේක් No-Bake Cheesecake appeared first on කෑම Kaema TV.

]]>
https://www.kaema.lk/recipe/no-bake-cheesecake-with-strawberries/feed/ 0 1200
ඇපල් කර්ම්බල් Apple Crumble https://www.kaema.lk/recipe/apple-crumble/ https://www.kaema.lk/recipe/apple-crumble/#respond Wed, 28 Feb 2018 13:09:58 +0000 https://www.kaema.lk/?post_type=ts-recipe&p=1170 ඔබගේ අතුරුපස සකස් කරගැනීමේ හැකියාව මේ බ්‍රිතාන්‍ය ක්‍රමයට සකස් කරන සහ ලාංකීය රසය එකතු කල අතුරුපස පිළියෙළ කිරීම හරහා වැඩි දියුණු කරගන්න.
Take your dessert skills to the next level with this classic British creation with a Lankan twist.

The post ඇපල් කර්ම්බල් Apple Crumble appeared first on කෑම Kaema TV.

]]>

[start_directions]

  1. අවන් එක 190°C රත් කරගන්න.
    Preheat oven to 190°C.
  2. ඇපල් පහළ තට්ටුව මිශ්‍රණය සකස් කරගැනීම
    Making the apple base
  3. ඇපල් වල පොතු සහ ඇට ඉවත් කරගන්න.
    Peel and core the Apples.
  4. කැබලි හතරකට් ඇපල් ගෙඩියක් කපා ගන්න.
    Then quarter and cut into chunks.
  5. පෑන් එක රත් කොට සීනි ග්‍රෑම් 50 සහ වතුර සමඟ කපා ගන්නා ලද ඇපල් දමා මිශ්‍ර කරගන්න.
    Heat a pan, add 50g Sugar and the cut Apples, and mix well with Water.
  6. කුරුඳු කුඩු යොදන්න.
    Add Cinnamon powder.
  7. මෘදු වන තෙක් මිනිත්තු පහක් පමණ මද රස්නයෙන් පිසින්න. කිහිප සැරයක් හැඳි ගා ගන්න.
    Cook over low heat for 5 minutes to soften the Apples slightly, stirring occasionally.
  8. උණුවෙන් ඉවතට ගන්න. කුඩා බේකින් ඩිශ් එකකට දමා ගන්න.
    Take off the heat. Then tip into a small oven-proof baking dish.
  9.  

    පිටි මිශ්‍රණය සකස් කරගැනීම
    Making the crumble
  10. පිටි, සීනි ග්‍රෑම් 20, කුරුඳු කුඩු සහ බටර් එක් භාජනයකට දමන්න.
    Place the Flour, 20g Sugar, Cinnamon powder and chopped Butter in a bowl.
  11. හොඳින් මිශ්‍ර කරගන්න.
    Mix well.
  12. මිශ්‍ර කර නැවත කුඩු ආකාරයෙන් මිශ්‍ර වන තෙක් ඇඟිලි තුඩු යොදාගෙන මිශ්‍ර කරන්න.
    Mix and rub in with your fingertips until it resembles an even crumble mixture.
  13.  

    දෙකම එකතු කරගන්න
    Putting the two together
  14. ඇපල් දමාගත් බේකින් ඩිෂ් එක ගන්න.
    Take the baking dish with the apple base.
  15. සකස් කරගත් පිටි මිශ්‍රණය ඒ මත අතුරන්න.
    Add the crumble over the apples and spread evenly.
  16. බේකින් ට්‍රේ එක පිරවන තෙක් එම පිටි මිශ්‍රණය යොදන්න.
    Fill the crumble to the top of the baking tray.
  17. අවන් තුල මිනිත්තු 20ක් රත්රන් පැහැයට හැරෙන තුරු පිසගන්න.
    Bake in the preheated oven for around 20 minutes or until golden brown and cooked through.
  18. ඉවතට අරගෙන පිළිගැන්වීමට සුදුසු පරිදි පෙති කපාගන්න.
    Take out and cut serving slices.
  19. වැනිලා අයිස්ක්‍රීම් සමඟ උණුසුම්ව පිළිගන්වන්න.
    Serve hot with Vanilla Ice Cream.

[end_directions]

සතුටින් භුක්ති විඳින්න.
Enjoy.

The post ඇපල් කර්ම්බල් Apple Crumble appeared first on කෑම Kaema TV.

]]>
https://www.kaema.lk/recipe/apple-crumble/feed/ 0 1170
නැවුම් බේරී පිස්සා Fresh Berry Fool https://www.kaema.lk/recipe/fresh-berry-fool/ https://www.kaema.lk/recipe/fresh-berry-fool/#respond Sun, 25 Feb 2018 01:16:30 +0000 https://www.kaema.lk/?post_type=ts-recipe&p=1158 මේ කාලේ රස්නෙ වැඩිද? සකසා ගැනීමට ඉතාම පහසු, මේ නැවුම් පලතුරැ සහ අයිස් ක්‍රීම් එක්ක හදන නැවුම් බෙරි පිස්සා එක ඔබව සතුටු කරනවා නිසැකයි.
The heat getting you down? Try this simple-to-make Fresh Berry Fool. With fresh fruits and ice cream, it'll chill you out.

The post නැවුම් බේරී පිස්සා Fresh Berry Fool appeared first on කෑම Kaema TV.

]]>

[start_directions]

  1. භාජනයකට ස්ටෝබෙරි, ක්රැන්බෙරි, බ්ලුබෙරි සහ සීනි දමන්න.
    Put the Strawberries, Blueberries, Cranberries and Sugar into a bowl.
  2. දෙහි පොතු ස්වල්පයක් කුඩු කර භාජනයකට දමන්න.
    Grate some lemon rind on top.
  3. මිරිකා ගන්නා ලද දෙහි යොදන්න.
    Squeeze half a lime of juice.
  4. හොඳින් මිශ්‍ර කරගන්න.
    Mix well.
  5. පසු භාවිත ගැනීමට පසෙකින් තබන්න.
    Store for use later.
  6. උකු ක්‍රීම් අළුත් භාජනයකට දමන්න.
    Pour Heavy Cream in a new bowl.
  7. මිශ්‍ර කරගැනීමට යොදාගන්නා ඉලෙක්ට්‍රික් උපකරණයක් සහ බිත්තර ගැසීමට යොදාගන්නා උපකරණයක් ගෙන ක්‍රීම් මිශ්‍ර කරමින් භාජනයකට දමන්න. මේ සඳහා කාලය අවශ්ය වන බැවින් අපි ගෑරුප්පු භාවිතා කිරීම නිර්දේශ නොකරමු
    Use an electric mixer with a whisk attached or a plain whisk to stir the cream. We don’t recommend using a fork as this takes time.
  8. සීනි සහ වැනිලා දමන්න.
    Add Sugar and Vanilla extract.
  9. හොඳින් මෘදු වන තුරු එසේ කරන්න.
    Whisk until very soft peaks form.
  10. පසුව ගැනීමට පසෙකින් තබන්න.
    Store for use later.
  11. බිස්කට් ගෙන එක කුඩා කැබලිවලට කඩාගන්න.
    Take Biscuits and crumble into small flakes.
  12. උස අතුරුපස වීදුරුවක් ගෙන එහි යට කොටස කැබලි කරගත් බිස්කට් වලින් පුරවන්න.
    Take a tall dessert glass and fill the base with the Biscuit flakes.
  13. බේරී මිශ්‍රණයෙන් භාගනයක් පමණ එම බිස්කට් උඩට වක් කරන්න.
    Drizzle half the Berry mixture over the biscuit flakes.
  14. ක්‍රීම් මිශ්‍රණය ලේයර් එකක් එම බේරී මිශ්‍රණය උඩින් දමන්නා.
    Add a layer of the Cream mixture on top of the berry mixture.
  15. නැවත දෙවන වරටත් බේරී මිශ්‍රණය ක්‍රීම් ලේයර් එක උඩින් දමන්න.
    Add a second layer of the Berry mixture on top of the cream.
  16. භාජනය පිරවෙන තෙක් දමන්න.
    Fill the Berry mixture to the top.
  17. ඊට උඩින් අවසන් ක්‍රීම් ලේයර් එක දමන්න.
    Add a final layer of the Cream mixture on top of the Berry mixture.
  18. බේරී සෝස් එක, බිස්කට් ෆ්ලෙක් සහ ස්ටෝබෙරි එක සමඟ පිළිගන්වන්න.
    Add the Berry sauce, Biscuit flakes and a Strawberry for decoration.
  19. ඉක්මනින් පිළිගන්වන්න.
    Serve immediately.

[end_directions]

සතුටින් භුක්ති විඳින්න.
Enjoy.

The post නැවුම් බේරී පිස්සා Fresh Berry Fool appeared first on කෑම Kaema TV.

]]>
https://www.kaema.lk/recipe/fresh-berry-fool/feed/ 0 1158
චෙරී පයි පොප්ස් Cherry Pie Pops https://www.kaema.lk/recipe/cherry-pie-pops/ https://www.kaema.lk/recipe/cherry-pie-pops/#respond Sun, 18 Feb 2018 21:32:35 +0000 https://www.kaema.lk/?post_type=ts-recipe&p=1127 මේ දින වල සැමගේ කැමැත්ත ඇත්තේ චෙරී සඳහායි. චෙරී වල ඇති දීප්තිමත් රතු පැහැය ආදරය සඳහා වන විශ්වීය සංකේතයක්. ඔබේ හිතවත්ම අයට ඔබේ ආදරය පෙන්වීම සඳහා මෙම චෙරී වලින් සකස් කරගන්නා ලද පොප් පයිස් ඔබට යොදා ගන්න පුළුවන්.
Cherries are the proverbial topping for a reason. Their bright red is a universal symbol of passionate love. These cherry-based pop pies are a fun way to say you care to your special one, this Valentine's weekend.

The post චෙරී පයි පොප්ස් Cherry Pie Pops appeared first on කෑම Kaema TV.

]]>

[start_directions]

    පුරවනය සකස් කර ගැනීම
    Making the topping
  1. ජලය සහිත භාජනයකට සීනි (කෝප්ප ½), දෙහි යුෂ සහ ඉරිඟු පිෂ්ඨය දමා හොඳින් මිශ්‍ර කරගන්න.
    Add Sugar (½ cup), Lemon juice and Cornstarch to a cup of water and mix.
  2. එම මිශ්‍රණය රත් කරගත් පෑන් එකකට දමන්න.
    Add the mix onto a heated pan.
  3. මීළඟට, චෙරී යොදන්න.
    Next, add Cherries.
  4. හොඳින් ඝනකම් වෙනතුරු සහ භාජනය දියර ථිබූ ප්‍රමාණයෙන් භාගයක් වන තුරු රත් කරන්න.
    Bring to a boil until thickened and the liquid in the pan is halved.
  5. රතු සෝස් සමඟ ඉතිරි වන තෙක් මිනිත්තු 5ක් සිහින් රත් කරන්න.
    Simmer for 5 minutes until you are left with a gooey red sauce.
  6. රත් කිරීම නවත්වා ඉවතට ගෙන හොඳින් ම උණුසුම නැති වන තෙක් තබන්න.
    Take off the heat and let it cool down completely.
  7.  

    පිටත කොටස සකස් කරගැනීම
    Making the crust
  8. පාන් පිටි, සීනි (කෝප්ප ¼), ලුණු සහ ශීත බටර් යොදන්න.
    Add Flour, Sugar (¼ cup), cold Butter, and Salt to a bowl.
  9. මිශ්‍රණය හොඳින් ඇලෙන පදමට පත් වන තුරු බොහොම හෙමින් ශීත කල කිරි යොදන්න. ඔබට තවත් පදමට සකස් කරගැනීමට අවශ්‍ය නම් තව තවත් පිටි යොදන්න.
    Slowly add cold Milk till mixture forms a firm dough. Add more Flour if needed to make the dough firm.
  10. හොඳින් මිශ්‍ර වන තුරු මිශ්‍ර කරන්න.
    Mix till the mixture is crumbly.
  11. පදමට සකස් කරගත් පිටි බෝලයක් තුලට ඇද දමන්න.
    Roll the firm dough into a ball.
  12.  

    චෙරී පයි පොප්ස් සකස් කරගැනීම
    Making the Cherry Pie Pops
  13. එළවලු කපන ලෑල්ලක් මතට පාන් පිටි ස්වල්පයක් රෝල් කරගන්න.
    Sprinkle some Flour onto a cutting board.
  14. රෝල් කරන ලද පිටියක් මත පිටි භාවිත කරන්න.
    Apply Flour on a rolling pin.
  15. රෝලර් එකක් භාවිතා කරමින් එම පාන්පිටි ස්වල්පය තවත් හොඳින් රෝල් කර ලෑල්ලේ තැවරෙන සේ සකස් කරගන්න.
    Using the rolling pin, roll the firm dough flat on the cutting board.
  16. කුකී කටර් එකක් යොදා ගනිමින් එම රෝල් කරගත් පාන් පිටි ස්වල්පය සමාන වෘත්ත දෙකකට කපා ගන්න.
    Cut 2 identical circles of pastry with a cookie cutter.
  17. තවත් සමාන 2ක් කපා ගන්න. නමුත් මේ වතාවේදී ඔවුන් දෙදෙනාට වඩා තරමක් විශාල ලෙස කපාගත්තාය.
    Cut 2 more identical circles. But this time cut them slightly larger than the previous two.
  18. ඔබේ රුචිකත්වයට විශාල කවයන් මත කුහර කපා ගන්න.
    Cut out shapes on the large circular doughs, to your own liking.
  19. එම කපා ගත කොටස් දෙක බේකින් ට්‍රේ එකක තබන්න.
    Lay your pastry circles onto a baking tray.
  20. ලොලි පොප් කූරු හෝ මස්කූර එම වෘත්ත දෙකේ අතරින් තබන්න.
    Press a Lollipop stick or Skewer onto the base of the circles.
  21. ඔබ සකස් කරගත් චෙරී පයි පුරවනය එහි මැදට යොදන්න. වැඩි පුර පිරවීමෙන් වලකින්න.
    Add your cold cherry pie filling to the center. Do not overfill.
  22. සකස් කරගත් බිත්තර සුදු මදය පුරවනය මත අලේප වන සේ දමන්න.
    Add beaten Egg white as a paste around the cherry filling.
  23. තවත් එවැනිම පේස්ට්‍රි වෘත්තයකින් එය වසන්න.
    Close the pops with the larger pastry circle (with the cut-out shapes).
  24. ගැරුප්පුවකින් කොන් තද කරගන්න.
    Crimp the edges with a fork.
  25. බොහොම සුළුවෙන් බිත්තර සුදු මද ස්වල්පයක් එහි අලේප කරන්න.
    Brush lightly with beaten Egg whites.
  26. 200°C උෂ්ණත්වයට මිනිත්තු 20ක් බේක් කරගන්න.
    Bake at 200°C for about 20 minutes.
  27. ඉවතට ගෙන, ඔබට අවශ්‍ය ලෙස එය සරසා ගන්න.
    Take out, add garnish and decorate to your liking.

[end_directions]

ඔබ විසින් සකස් කරගත් මෙය ඔබ දෙදෙනාම විසින් සතුටින් රසවිඳින්න.
Made by you – Enjoyed by both of you.

උණුවෙන් පිළිගන්වන්න. සතුටින් භුක්ති විඳින්න.
Serve hot. Enjoy.

The post චෙරී පයි පොප්ස් Cherry Pie Pops appeared first on කෑම Kaema TV.

]]>
https://www.kaema.lk/recipe/cherry-pie-pops/feed/ 0 1127
චොකලට් ෆොන්ඩියු Chocolate Fondue https://www.kaema.lk/recipe/chocolate-fondue/ https://www.kaema.lk/recipe/chocolate-fondue/#respond Tue, 13 Feb 2018 23:56:58 +0000 https://www.kaema.lk/?post_type=ts-recipe&p=1115 ඔබේ ආදරණියයන්ට අවසාන මොහොතේ පිළිගන්වන්න යමක් සොයනවද ? මේ චොකලට් ෆොන්ඩියු එක අපි ඔබට හඳුන්වාදෙනවා වගේම මෙය ඔබේ ආදරය තවත් වැඩි කරන බව නිසැකයි. සුභ ආදරණියයන්ගේ දිනයක් !
Last minute treat for your special someone? Can we recommend that you up your game with this easy to do chocolate fondue recipe. Happy Valentine’s day!

The post චොකලට් ෆොන්ඩියු Chocolate Fondue appeared first on කෑම Kaema TV.

]]>

ආදරණීයන්ගේ දිනය සඳහාම සුවිශේෂී වූවක්
Valentine’s Day Special

 


[start_directions]

  1. භාජනයකට දමා ක්‍රීම් (ඝනකම්) රත් කරගන්න.
    Boil Heavy Cream in a pot.
  2. මද රස්නයෙන් ක්‍රීම් උණුසුම් වීමට තබා ඊට මිල්ක් චොක්ලට් එකතු කරගන්න.
    Warm the cream over low heat and add the Milk Chocolate.
  3. චොකලට් ෆොන්ඩියු එකේ දියවී යන තෙක් හොඳින් මිශ්‍ර කරන්න.
    Stir until the chocolate melts into a fondue.
  4. ෆොන්ඩියු එක වෙනත් භාජනයකට දමන්න.
    Transfer the fondue to a serving bowl.
  5. චොකලට් දිගටම උණුසුම්ව තබාගැනීම සඳහා භාජනයට යටින් ඉටිපන්දම් කිහිපයක් දල්වා තබන්න.
    To keep the chocolate continuously warm, light up candles underneath the bowl.
  6. මීළඟට මාෂ්මෙලෝ සහ ස්ටෝබෙරි එකට මස්කූර වල ගසාගන්න.
    Next, skewer Marshmallows and Strawberries together.
  7. මස්කූර පිළිවෙලට එක පේලියක් ලෙස සාදාගන්න.
    Arrange the skewers neatly in a row.
  8. එම සකස් කරගත් මස්කූර මතට උණුසුම් චොකලට් ෆොන්ඩියු එක වක් කරන්න.
    Pour the heated chocolate fondue over the skewers.
  9. ඔබට අවශ්‍ය නම් සහ තවත් නිර්මාණශීලි ලෙස මෙය පිළිගැන්විය යුතු නම් මේ සමඟ කපා ගත පලතුරු පිළිගන්වන්න.
    You can also cut and serve fruits as desired and get creative.
  10. උණුසුම්ව පිළිගන්වා ඔබේ ආදරණිය බව වැඩි දියුණු කරගන්න.
    Up your romance by serving it warm and gooey.

[end_directions]

සතුටින් භුක්ති විඳින්න.
Enjoy.

The post චොකලට් ෆොන්ඩියු Chocolate Fondue appeared first on කෑම Kaema TV.

]]>
https://www.kaema.lk/recipe/chocolate-fondue/feed/ 0 1115